ශ්‍රී ලංකාවට නව ජනාධිපතිවරයෙක් ?
ශ්රී ලංකාවේ පැවති නව වන ජනාධිපතිවරණය උද්යෝගයකින් තොරව ම නිමාවට පත් විය. ජාතික ජන බලවේගය හැර සෙසු දේශපාලන පක්ෂ ගෙන් ගෙට ගොස් ප්රචාරක කටයුතු නොකළ තරම්ය . ප්රධාන රැස්වීම් කිහිපයක් හැරුනු විට වෙනදා මෙන් ගම් කිහිපයක් ආවරණය වන පරිදි පැවැත්වූ රැස්වීම් අනෙකුත් පක්ෂ විසින් පැවැත්වූයේ නැත. එබඳු නිහඬ වාතාවරණයක් තුළ 2024 සැප්තැම්බර් 21 දින ශ්රී ලංකාවේ නව වන ජනාධිපතිවරණය පැවැත්විනි.
ජනාධිපතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කර ගත් ජාතික ජන බලවේගය යග්රහණය කළේ ය. ශ්රී ලංකාවේ පැවැත් වූ ජනාධිපතිවරණයකින් සියයට 50කට අඩු තිශතයකින්
ජයගත් එකම අපේක්ෂකයා ලෙස ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක හැදින්විය හැකි ය. ඔහු ලබාගත් මුලු ඡන්ද ප්රතිශතය සියයට 42.31 කි. සමස්ත ඡන්ද ප්රතිඵලය පහත සඳහන් පරිදි විය.
- අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය ලැබූ ඡන්ද 5,634,915 42.31%
- සජිත් ප්රේමදාස සමගි ජන බලවේගය ලැබූ ඡන්ද 4,363,035 32.76%
- රනිල් වික්රමසිංහ ස්වාධීන ලැබු ඡන්ද 2,299,767 17.27%
- අනෙකුත් අපේක්ෂකයින් සියලු දෙනා ලැබූ ඡන්ද 1,021,899 08.66%
කෙසේ වෙතත් සුලුතර ජන කණ්ඩායම් වන ද්රවිඩ, මුස්ලිම් හා ඉන්දීය සම්භවයක් සහිත ද්රවිඩ ජනයා වෙසෙන ප්රදේශවලින් අනුර කුමාරට ලබා ගත හැකි වූයේ ඉතා සිමිත ඡන්ද ප්රමාණයකි. ඒ බව පහත සංඛ්යා දත්තවලින් පැහැදිලි කරගත හැකි ය.
යාපනය 7.29%
වන්නි 9,86%
ත්රිකුණාමලය 20,83%
මඩකලපුව 12.19%
අම්පාර 25.74%
නුවර එලිය 22.17%
මේ අතරින් යාපනය හා වන්නි හැර සෙසු දිස්ත්රික්කවල ගහනයෙන් තුනෙන් එකක් පමණ සිංහල ජන වර්ගයට අයත්වේ. මෙයින් පැහැදිලි වන්නේ සුලුතර ජන කණ්ඩායම් අනුර කුමාර කෙරෙහි විශ්වාසයක් නොමැති බව හෝ ඔහුගේ ක්රියාකලාපය පිලිබඳව සුපරික්ෂාවෙන් සිටින බවයි.
බැලු බැල්මට අනුර කුමාරගේ ජයග්රහණය ලංකාවේ පීඩිත පන්තියේ ජයග්රහනයක් ලෙස පෙනී යයි. එයට හේතුව ලංකාවේ නිදහසින් පසු ගත වූ 70 වසරක කාලය තුළ ශපාලන බලය ඉහළ දේපල හිමි පන්තියේ උරුමයක්ව පැවතීම හා එය සම්ප්රදායික පක්ෂ දෙකක් අතර හුවමාරු වීම අනුරගේ ජයග්රහණයත් සමඟ කණපිට පෙරලීමයි. එයින් ජයගත් අනුර කුමාර ධනපති ප්රභූ පවුලක සාමාජිකයකු නොවී ය. ගැමි ගොවි පවුලක දරුවෙකි. ඔහුගේ දේශපාලන ලවේගයේ ප්රධාන පුරුක ‘සහ ඔහු නායකත්වය දරන ජනතා විමුක්ති පෙරමුණ 1971 සහ 1987/89 කැරලි දෙකකට නායකත්වය දෙමින්, සිංහල, බෞද්ධ, ගම්බද ගොවි, තරුණයන් විසින්, ලංකාවේ පාලක පැලැන්තියට එරෙහිව සිය කෝපය මුදහල සංවිධානයකි. ඒ අර්ථයෙන් අනුර කුමාරගේ ජයග්රහනය පිළිබඳව මතුපිටින් බලා , එය පීඩිත ජනයාගේ ජයග්රහනයක් සේ හඳුන්වන පිරිසක් ද වෙති.
ඇත්තට ම අනුරගේ ජයග්රහනය ශ්රී ලංකාවේ පීඩිත පන්තියේ යග්රහනයක් ද? එය මාක්සවාදීන්මෙ න් ම සෙසු පීඩිත ජනයා තර ද සාකච්ඡාවට බදුන් විය යුතු කරුණකි. අනුරගේ පක්ෂය ආරම්භයේ මාක්ස්- එංගල්ස් – ලෙනින් ආදීන්ගේ මග පෙන්වීම යටතේ කටයුතු කරන පක්ෂයක් යැයි ඔවුහු ම ප්රකාශ කළ හ. එහෙත් එය මැයි දිනයේ මාක්ස්- එංගල්ස්- ලෙනින්ගේ ඡායාරූප ප්රදර්ශනය කරන, රතු ඇදුම් අදින නිර්මාක්ස්වාදී ව්යපාරයක් – සුලු ධනේශ්වර ව්යාපාරයක් – බව ජාත්යන්තර මාක්ස්වාදී ව්යාපාරයන්හි පිළිගැනීම විය.
අනුරගේ ජාතික ජනබලවේගය 2022 සිට ලංකාවේ ධන වේරයන් සමග ඉතා ලෙන්ගතු සබදතා පවත්වමින් සිටී. එම ධන කුවේරයන් ජාතික ජන බලවේගයේ රැස්වීම්වලට පැමිණ අනුර කුමාර ඉදිරියේ ම සමාජවාදය යල් පැනගිය සංකල්පයක් බව පවසද්දී, ජවිපෙ සහෝදරවරුන් නිහඬව එයට සවන් දෙති. එයට අමතරව රාජ්ය ව්යුහය හසුරුවන තාක්ෂණික හා නිලධාරි තන්ත්රය , රණවිරු බලවේග ඔහුගේ ගමන් මගේ පසු පස සේනාව ය. ශ්රි ලංකාවේ අමෙරිකානු තානාපති ජුලී චංග් සමග මෙන්ම ඉන්දියානු ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් සමග ද , IMF නියෝජිතයන් සමග ද පසුගිය කාලය තුළ සමීප සබදතා පැවැත්වී ය. ලංකාවේ ආර්ථීක අර්බදුයට විසදුම IMF යෝජනා ක්රියාත්මක කිරිම බව ඔවුහු නිහඬව පිළිගත්තේ, IMF ඕනෑකම පිට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ගෙනෙන ලද ආර්ථික පරිවර්තන පනතට හා රාජ්ය මූල්ය කලමනාකරන පනතට විරුද්ධ නොවීමෙනි. අනුරගේ අනාගත ගමන් මග එයින් ම පැහැදිලි චේ. එනිසාම පරාජිත ජනාධිපති රනිල් “අනුර විසින් ශ්රී ලංකාව අඛණ්ඩ වර්ධනය සහ ස්ථාවරත්වයේ මාවතකට යොමු කරනු ඇති බව’ ප්රකාශ කළේ ය.
මෙබදු වාතාවරණයක් තුළ අනුරගේ ජයග්රහනයට හේතු වූ සාදක ද පරික්ෂා කළ යුතු චේ. ඉන්ප්ර ධාන කරුණක් වන්නේ 2022 ශ්රී ලංකාවේ පාලනයට එරෙහිව පැන නැගුනු අරගලයයි. එමගින් ප්රකාශ වූයේ වසර 74 ක ශාපය ඉවත් කිරිම – දූෂිත පවුල් දේශපාලනය අතුගා දමීම – පාර්ලිමේන්තුවේ සිටින 225 ම ගෙදර යැවීම ආදියයි. එය නව ලිබරල්වාදී ව්යවසනයට රෙහිව ජනතා පිබිදිමක් විය. එය පැවති ආණ්ඩුවේ බලය බිදී යාමට හේතු විය. එනිසා ජනාධිපති – අගමැති සහ කැබිනට් මණ්ඩලය – ඉල්ලා අස්විය. පාලක පොදු ජන පෙරමුණ ඉරිතලා ගියේ ය. එය හොදින් ම පැහැදිලි වූයේ 2024 ජනාධිපතිවරණයේ දී පොදු ජන පෙරමුණේ මන්ත්රිවරුන්ගෙන් බහුතරය එය හැර ගොස් රනිල් සමග එක්වීමෙනි.
අරගලයේ දී
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එයින් බිදි ගිය පොදු ජන පෙරමුණ වාමාංශික පක්ෂයක්යි ජනතාව අතර බෞතීෂ්ම කර තිබුනේ ලංකාවේ සම්ප්රදායික වාමාංශික පක්ෂ විසින් ම ය. එම තත්ත්වය තුළ පොදු ජන පෙරමුණේ මන්ත්රිවරුන්බ හුතරයක් දක්ෂිණාංශික රනිල් සමග එක්වීම නිසා, පොදු ජන පෙරමුණ වාමගාමී පක්ෂයක් ලෙස සලකා එයට ඡන්දය දුන්ජ නතාව, තවත් වාමාංශික පක්ෂයක් ලෙස දුටු NPP වෙත හැරිම මගින් අනුරගේ ජයග්රහනය සහතික විය. සම්ප්රදායික ධනපති පන්තියේ පක්ෂය වූ UNP ඡන්ද රනිල් හා සජිත් අතර බෙදි ගියේ ය. පොදු ජන පෙරමුණේ මන්ත්රිවරුන් රනිල් සමග එක්වීම නිසා ඉතා සුලු පිරිසක් රනිල්ට ද ඡන්දය දුන්හ.
අනුර ජනාධිපතිවීමෙන් පසු ඔහු මුහුන දෙන ප්‍රධාන ම ගැටලුව විය හැක්කේ දූෂිත රාජ්‍ය තන්ත්‍රය අදූෂිත කිරිමයි. ඔහු වටා එක් වූ නිලධර තන්ත්‍රය ඒ සදහා කෙතරම් දුරට සහාය ලබා දේවිදයි කිව නොහැක. එමෙන් ම ඔහු වටා එක්කර ගත් පිරිස අතර කෙතරම් දුරට අදූෂිතයන් වී දයන්න ද ගැටළුවකි. ඒ සමගම IMF වැඩ පිලිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව සනාථ කර ඇති පසුබිමක එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී කාවේ පීඩිතයන්ට එය බලපානු ඇත්තේ ඉතාමත් කටුක ලෙස ය. එතෙක් කෙට් කලට ජයග්‍රහනයේ මධුසමය ගත කළ හැකි වනු ඇත.
ඔහු තවත් චාවේස් – Hugo Chavez – කෙනෙකු වේදයි දේශපාලන සාක්ෂරතාවයෙන් යුත් ජනතාව බලා සිටිති.