ශ්‍රී ලංකාවේ 19 වන මහා මැනිවරණය
ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්දබලය ලැබුණේ 1931දි ය. ඒ බ්‍රිතානා අධිරාජ්‍ය තුළ සර්ව ජන ඡන්ද බලය හිමි වූ පළමු වන යටත් විජිතය ලෙස ය. ඉන් පසු පැවැත්වෙන 19 චන මහා මැතිවරණයට ශ්‍රි ලංකාව මේ මොහොතේ සූදානම් වෙමින් සිටී. ඒ සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නොවැම්බර් 14 දිනය තීරණය කර තිබේ.
එළඹෙන මහා මැතිවරණය පසුගිය මහා මැතිවරණ සියල්ලට ම වඩා වෙනස් ස්වරූපයක් ගෙන ඇත. පසුගිය ජනාධිපතිවරණයෙන් සියයට 42 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සුලුතර ජනාධිපතිවරයෙකු පත්කර ගත හැකි වූ ජාතික ජන
බලවේගය හැර, සෙසු පක්ෂ සියල්ල ම පාහේ මැතිවරණ ව්‍යාපාරය තුළ නිද්‍රාශීලී භූමිකාවක් රග දක්වනු ලැබේ. පසුගිය සෑම පාර්ලිමේන්තු මැතිවරණයක දී ම ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයෙන් පත් වුවද, ප්‍රධාන විපක්ෂය පාර්ලිමේන්තු බලය අත්පත් කර ගැනීමේ අභිලාෂයෙන් සක්‍රියව මැතිවරණ ක්‍රියාවලියේ යෙදිණි. ක්‍රි.ව.2001 දි පැවති මහා මැතිවරණයේ දි ද විපක්ෂයේ සක්‍රිය මැදිහත්වීම නිසා විපක්ෂ නායකවරයා වූ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු බහුතරය දිනාගෙන අගමැති ධුරය හිමිකර ගැනීමටත්, ඔහුගේ පක්ෂයෙන් කැබිනට් මණ්ඩලය පත් කර ගැනීමටත් හැකි විය. එහෙත් මෙම මහා මැතිවරණය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පක්ෂයට විපක්ෂ වූ කිසිම දේශපාලන පක්ෂයක් මැතිවරණ උනුසුමකින් කටයුතු කරන බවක් ‘නොපෙනේ. වෙනත් මහා මැතිවරණවල දී දහස් ගණන් රැස්වන එලිමහන් රැලි පැවැත් වූ විපක්ෂයේ ප්‍රධාන පක්ෂ මේ මහා මැතිවරණයේ දී එයින් වැලකී ගෘහස්ත රැස්වීම් සදහා ප්‍රමුඛතාව දක්වන බව පෙනේ. ඒ අතර විපක්ෂයේ බොහෝ පක්ෂවල සඨන් පාඨවලින් පෙනී යන්නේ ඔවුන් දැනටමත් පරාජය පිළිගෙන ඇති බවයි. ඔවුන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ “ප්‍රබල චිපක්ෂයක්” , “එඩිතර විපක්ෂයක් “, “විපක්ෂය වෙනස් කරමු” , ආදි සඨන් පාඨ මුල්කරගෙන මිස , ආණ්ඩු බලය අත්පත් කර ගැනීමේ සඨන් පාඨ පෙරදැරි කරගෙන නොවේ. එසේ වුවද ජනාධිපතිවරයා නායකත්වය දෙන ජාතික ජන බලවේගය දහස් ගණන් ඒකරාශී කරන මහාරැලි පචත්වමින් “ශක්තිමත් ආණ්ඩුවක්” තැනීම සදහා පාර්ලිමේන්තු බහුතර බලයක් ඉල්ලමින් සිටී.
පැවති ජනාධිපතිවරණවලට පසුව පැවැත් වූ මහා තිවරණවලදී දැකිය හැකි වූ ප්‍රධානම ලක්ෂණයක් වූයේ ජයග්‍රාහී පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය වැඩි වී පරාජිත ප්‍රධාන පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය අඩු වීමයි. 2019 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ ලැබූ ඡන්ද ප්‍රතිශතය සියයට 52.25 ක් වූ අතර, මහා මැතිවරණයේ දී ඔහුගේ පක්ෂයේ ඡන්ද ප්‍රමාණය සියයට 59.09 දක්චා ඉහළ ගියේ ය. එම ජනාධිපතිවරණයේ දි පරාජිත ප්‍රධාන අපේක්ෂකයා වූ සජිත ප්‍රේමදාස ලැබූ ඡන්ද ප්‍රමාණය සියයට 41.99 ක් වුවත්, මහා මැනිවරණයේ දී ඔහුගේ පක්ෂය ලැබූ ඡන්ද ප්‍රමාණය සියයට 23.90 දක්වා පහළ බැස්සේ ය. මෙම පූර්වාදර්ශය අනුව නම්, ඉදිරි මහා මැතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය වැඩි වීමේත්, සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ (Gas cylinder) ඡන්ද ප්‍රතිශතය අඩු වීමේ සම්භාවිතවක් තිබේ. මේ සදහා බලපාන ප්‍රධාන ම හේතුව වන්නේ ජනාධිපතිවරණයේ දී පරාජිත ප්‍රධාන පක්ෂවල ආධාරකරුවන්ගෙන් යම් ප්‍රතිශතයක් දේශපාලන මන්දෝත්සාහී භාවයට පත්ව ඡන්දය දීමෙන් වැලකි සිටිම යි.
‘කෙසේ වෙතත්, පසුගිය ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණයක් සේ සැලකුවේ නම්, ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 225 න් 104 ක් ලබා ගත හැකිව තිබිණි. එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ. මක්නිසාද යත්, ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් ගණන තීරණය කිරිමේ දී උතුරු – නැගෙනහිර පළාත්වලින් ලැබුණු ඡන්ද ප්‍රමාණය ද ඒ සදහා දායක වීමයි. නමුත් මහා මැතිවරණයේ දී එම ඡන්ද ප්‍රමාණයෙන් බහුතරයක් එම පළාත් සදහා තරග වදින, උතුරු-නැගෙනහිර ක්‍රියාත්මක පක්ෂවලට ලැබීමේ ඉඩ ප්‍රස්ථාව තිබේ. මෙම තත්ත්වයන් තුළ වුවද විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයන් වන සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ය ලං (Gas cylinder) මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පසු බැසීම හා එම පක්ෂවලට ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ඡන්දදායකයන්ගේ පරාජිත මානසිකත්වය හේතුවෙන් ඔවුන් ඡන්දයෙන් වැලකී සිටීමට ඉඩ ඇති නිසා, ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය ඉහළයාමේ සම්භාවිතාව වැඩි ය. එනිසා ම ඔවුන්ට පාර්ලිමේන්තුවෙහි ඒකාන්ත බහුතර ආසන සංඛ්‍යාවක් පහසුවෙන් දිනාගත හැකි වනු ඇත.
ජාතික ජන බලවේගය ජනාධිපති ධුරය හා පාර්ලිමේන්තුවේ ඒකාන්ත බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීම නිසා ආණ්ඩුවක් පිහිටුවාගැනීමේ ව්‍යවස්ථාමය ශක්තිය හිමිකර ගනී. නමුත් ආණ්ඩුවක ස්ථාවර භාවය ආණ්ඩුක්‍රම වාවස්ථාමය විධිවිධාන සපුරාලීම මගින් පමණක් සහතික කර ගත නොහැක. ඒ සදහා ආර්ථික හා භූ දේශපාලනික තත්ත්වයන් ද සැලකිල්ලට ගතයුතු වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇතිකර ගැනීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාර්ගයම අනුගමනය කිරිමට ජාතික ජන බලවේගය ආණ්ඩුව ද එකගත්වය පකර ඇති බව පෙනේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ආසියා ෆැසිපික් දෙපාර්තමේන්තුවේ අධාක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රිනිවාසන් (Krina Srinivasan) 2024 නොවැම්බර් 01 දින ටෝකියෝ හි දී ප්‍රකාශ කළේ , “නව රජය IMF වැඩසටහනට පූර්ණ වශයෙන් කැපවී සිටින බව”යි. එයින් ම ආණ්ඩුවට “සමාජවාදී “ මාවතක් නැති බව තහවුරු වී අවසාන ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යොජනා පිළිගැනීම නිසා ලැබෙන ණය හේතුවෙන් රජයේ විදේශ විනිමය අර්බුදයට තාවකාලික අස්වැසුමක් ලබාගත හැකි ය. එනිසා ආනයන හැකියාවක් රදා පවත්වා ගත හැකි ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ‘හේතුකොටගෙන කෙටිකාලීන ආර්ථික අස්වැසුමක් ලබාගතහැකි වුවද, ඔවුන්ගේ කොන්දේසි ඉටු කිරිම මගින් සාමානා ජන ජිවිතය කඩා වැටිය හැකි ය. ඒ සදහා බදු බර, සහනාධාර කප්පාදුව, පෞද්ගලික අංශයට ආර්ථිකය තුළ ප්‍රමුඛස්ථානය දීම, රැකියා අහිමි වීම, ජනතාවගේ ක්‍රය ශක්තිය හිනවීම, ආදී දුර් විපාක රාශියකට මුහුණ පෑමට සිදු වනු ඇත.
මේ අතර බංගාලි දේශයේ හා මාලදිවයින තුළ ඇති වී තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය යම් දුරකට ශ්‍රී ලංකාවේ තාවකාලික ආර්ථික වර්ධනයක් කෙරෙහි බලාපොරොත්තු තැබිය හැකි ය. ඒ එම රටවල ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන සදහා පෙළඹීම මගිනි.
කෙසේ චෙතත් ආණ්ඩුවට මුහුණ දීමට සිදු වන අභියෝග ගණනාවකි. ඉන් ප්‍රධානම අභියෝගය වන්නේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ය. එම කොන්දේසි ආර්ථික අර්බුදයක දී කෙටි කාලීනව වාසි දායක ලෙස පෙනි ගිය ද, දීර්ඝ කාලීනව ජන ජිඩිතයා පීඩාවට ලක් කරන බව පසුගිය දශක දෙක තුළ ම ජාත්‍යන්තර දේශපාලනය තුළ අත් දැකිය හැකි විය.
ඒ අතර මැද පෙරදිග ඇති විය හැකි අස්ථාවර භාවය ලංකාවේ ආර්ථිකයට ඍජුව ම බලපානු ඇත. ලංකාවේ විදේශ සේවා නියුක්ති ප්‍රේෂණ ප්‍රමාණයෙන් සියයට 51ක් ම මැද පෙරදිග ශ්‍රමිකයන්ගෙන් උපයාගනු ලැබේ. එය මුලු විදේශ විනියම ඉපයුමෙන් විශාල ප්‍රතිශතයකි. යුද්ධය දිග් ගැස්සුනහොත් ශ්‍රමිකයන් ආපසු ඒම, ශ්‍රමිකයන්ගේ අනාරක්ෂිත බව නිසා විදේශ ප්‍රේෂණ ගලා නොඒම, ශ්‍රමිකයන් මැද පෙරදිග යාමට අකමැතිවිම ආදිය මගින් බරපතල ආර්ථික ගැටලු මතු විය හැකි ය. තවද, ඛණිජ තෙල් හා ගෑස් මිල ඉහළ යනු ඇත.
අනුර කුමාර ජනාධිපති දුරයේ දිවුරුම් දී සති දෙකක් ගතවිමටත් පෙර ඉන්දීය විදේශ ඇමති එස්.ජයිශංකර් ලංකාවට පැමිණියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ “සුබ පැතුම් “ ද රැගෙන ය. ඉන්දියාව ලංකාව කෙරෙහි දක්වන උනන්දුව එයින් ම පැහැදිලි වේ. ඉන්දියාවේ අරමුණ ලංකාව ඉන්දියාවේ තවත් වෙළෙද පොලක් බවට පත් කර ගැනීමත්, ඉන්දියානු ආයෝජන ලංකාව තුළ දිරිමත් කර ගැනීමත් ය. එයට අමතරව කලාපයේ ඉන්දියානු බලකේන්ද්‍රයට නතුකර ගැනීමත් ය. ඒ අතර චිනය ද ලංකාව කෙරෙහි එවැනිම වූ ආකල්පයකින් කටයුතු කරනු ලැබේ. මේ සියල්ල ලංකාවේ භූ දේහපාලන ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි ය.
මේ අතර වත්මන් පාලනය ගමන් කරන්නේ කුමන දිසාවකට ද යන බව පෙන්නුම් කරන ප්‍රකාශ කිහිපයක් ජාතික ජන බලවේගයේ නායකයන් විසින් පසුගිය සිදු කරන ලදී. ඉන් එකක් වන්නේ ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්ත මහතා විසින් අධිකරණ බලය මහේත්‍රාත් අධිකරණයෙන් පහළට ගමන් කළ යුතු බවත්, එමගින් එය ගමේ ජනතාව දක්වා ගමන් කළ යුතු බවත් පැවසීම ය. අනෙක වෘත්තීය සමිති පිළිබදව ය. ජාතික ජන බලවේගයේ තවත් විධායක සභිකයකු වන ලක්ෂමන් නිපුන ආරච්චි මහතා ඔක්තෝබර් 31 දින ප්‍රකාශ කර සිටියේයයි ලංකාදීප පුවත්පත් වාර්තා කළේ, “ අද මං කිව්වා කියලා හිතා ගන්න,ඒ ස්ට්‍රයික් ඉතිහාසය නැති වෙනවා.කාටද ස්ට්‍රයික් කරන්නේ.තව කාලයක් යනකොට අපි මේ පක්ෂය පැත්තකින් තියලා වෘත්තීය සමිති විසුරුවා හරිනවා.මොකට ද වෘත්තීය සමිති. වෘත්තීය සමිති ඕන නෑ.” මෙය කම්කරු පන්තියට කරන ලද අනතුරු ඇගවිමක් නොවන්නේ ද? පැවති සෝවියට් දේශයේ වුවද නාමිකව හෝ වෘත්තීය සමිති පවත්වාගෙන යාම තුළ “වෘත්තීය සමිති ඕන නෑ”කීම පිළිබදව කම්කරු පන්තිය සිය අවධානය යොමු කළ යුතුව තිබේ.