1953 හර්තාලය: ශ්‍රී ලංකාවේ පළමු ජනතා නැගිටීම

1953 අගෝස්තු 12 වැනි දින වාම පක්ෂ සහ ඒවාට අනුබද්ධ වෘත්තීය සමිති විසින් හර්තාලයක් කැඳවන ලදී. පොහොසතුන්ට බදු සහන ලබා දෙද්දී සහල් කිලෝවක මිල ශත 25 සිට ශත 72 දක්වා ඉහළ දැමීම මෙයට ආසන්නතම හේතුව විය
හර්තාලයක් යනු මහා වැඩ වර්ජනයක් සහ සිවිල් නීතිය උල්ලංඝනය කිරීමකි. හර්තාලයට නායකත්වය දුන් ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයකු වන කොල්වින් ආර් ද සිල්වාගේ අර්ථකථනය අනුව එය සැසඳිය හැක්කේ ‘නොනගතයට’ ය. ඒ සිංහල – දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතරතුර සීමිත කාලයකට වැඩ අත්හැරීමයි. හර්තාලයට නායකත්වය දුන් නායකයන්ගේ දෙගිඩියාව එම අර්ථකථනයෙන් ම පැහැදිලි වේ. එයින් අදහස් කළේ 19 වැනි සියවසේ අග භාගයේ සිට උද්ඝෝෂණ හා වැඩ වර්ජන සම්ප්‍රදායක් තිබූ ජනතාවට නිහඬව නිවසේ රැඳී සිටින ලෙස යෝජනා කිරීමයි. හර්තාලයේ නායකයන්ගේ අභිලාෂය වූයේ එය විප්ලවීය දිශානතියකට වර්ධනය නොවීමට වගබලා ගැනීම බව ඔවුන්ගේ ප්‍රකාශවලින් ම පැහැදිලි වේ.
1953 අගෝස්තු 12 දින හර්තාලය කැදවන ලද්දේ ලංකා සමසමාජ පක්ෂය, ලංකාකොමියුනිස්ට පක්ෂය හා විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂයයන පක්ෂ හා ඒවා සමග සම්බන්ධිත වෘත්තීය සමිති විසිනි. එම හර්තාල් කැදවීමේ ලිපියේ මෙසේ සදහන් කෙරිනි.
‘‘අගෝස්තු 12 දින බදාදා ජාතික විරැද්ධත්වය පලකිරීමේ දිනයක් වශයෙන් පවත්වන ලෙස පහත සදහන් සංවිධානයන් ජනතාවගෙන් ඉල්ලා සිටිති.
තම කඩ සාප්පු හා වෙනත් ආයතන වසා දැමීමෙන් ද,වැඩපලට හා පාසල්වලට නොයා සිටීමෙන්ද,රැස්වීම් පැවැත්වීමෙන් සහ කලු කොඩි එසවීමෙන් ද, විරුද්ධත්වය පලකිරිමට සහභාගි වන ලෙස අපි ජනතාවගෙන්, සියලුම කොට්ඨාසයන්ගෙන් ඉල්ලා සිටිමු.
ආපන ශාලා ඩිස්පෙන්සරි හා වෛද්‍ය ආයතනවල වැඩ කරන්නා වූ ද, ඒ ආයතනවලට කෑම සහ බෙහෙත් සපයන්නා වූ ද,සියලු ම අයගෙන් එදිනට වැඩ නොනවත්වන ලෙසථ, කලු සලකුණු පැලදීමෙන් විරෝධය පලකරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.“

ඇන්.ඇම්.පෙරේරා, පිලිප් ගුණවර්ධන හා දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ
වූයේ, 1952 මැයි මාසයේ පැවති මහා මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ ඒකාන්ත බහුතර ආසන සංඛ්‍යාවක් දිනා බලයට පත් එජාප ආණ්ඩුව 1953 ජූලි මාසය වන විට ශ්‍රී ලංකාවේ පීඩිත ජනයා මත බර පටවන්නට වීමයි. අත්‍යවශ්‍ය පාරිභොගික භාණ්ඩවල මිල ඉහළ නැංවීම, පාසල් සිසුන්ගේ දිවා ආහාරය කප්පාදු කිරිම, සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන වැඩ සටහන් කප්පාදු කිරිම, තැපැල් – දුරකථන – විදුලි පණිවුඩ – ගාස්තු ඉහළ නැංවීම, ඉන් කිහිපයකි.
හර්තාලයට ආසන්න තම හේතුව වූයේ,එතෙක් ශත 25 ක් වූ සහල් කිලෝවක මිල 1953 අය – වැය ලේඛණය මගින් ශත 72 දක්වා ඉහළ නැංවීමයි.මෙහි පුදුමය වන්නේ මහා මැතිවරණයේ දී එජාපය ‘‘ යූඇන්පිය බලයට පත් වුවහොත් ඉරහද පවත්නාතෙක් සහල් කිලොව් ශත 25 යි “ පැවසූ පක්ෂයක ආණ්ඩුව විසින් ඔවුන් බලයට පත් වී වසරක් ගතවීමට ද මත්තෙන් හාල් කිලෝවෙහි මිල ශත 72 දක්වා ඉහළ නැංවීමයි. ඒ සමගම එම අය- වැය ලේඛණය මගින් ම ධනවතුන් සදහා වෙනත් දීමනා ලබා දෙන ලදී.
හර්තාලය ඇරඹීමට පෙර පීඩිත ජනයා මත බදු පැනවීමට විරෝධය පලකිරමින් අත්සන් 70,000 ක පෙත්සමක් රජයට භාඒ අතර ප්‍රාදේශිය විරෝධතා ද අරඹන ලදී.1953 ජූලි 18 දා යාපනයේ මන්ත්‍රිවරැන්ගේ සහභාගිත්වයෙන්,යාපනයේදී අය – වැය විරෝධී රැලියක් පවත්වන ලදී.ජූලි 21 දා අම්බලන්ගොඩ , රන්දොඹේ ජනයා මාර්ග හරස් කරමින් විරෝධතා පැවැත්වී ය. මොරටුව, වාද්දුව, යාපනය යන පලාත් පාලන ආයතන විසින් ආණ්ඩු විරොධී යෝජනා සම්මත කර ගත්හ. ජූලි මාසයේ අවසන් දින කිහිපය ගාලු දිස්ත්‍රික්කයේ මුහුදු බඩ ප්‍රදේශවල ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැතිර ගියේ ය.ඒවා මර්දනය කිරිමට පැමිණි පොලිස් නිලධාරීන්ට කාන්තාවන් විසින් පහර දී පලවා හරින ලදි.
පීඩනයට පත් ජනතාව ආණ්ඩු විරෝධින හැසිරෙන විට වාමාංශික පක්ෂවලට නිහඩවීමට නොහැකි විය. ඔවුන්ට සමගි වී ආණ්ඩු විරෝධී සටන මෙහෙයවීමට බල කෙරිණි. කොමියුනිස්ට් පක්ෂය සමගි වීම සදහා කොන්දේසි ඉදිරිපත් කළේ ය. එහි ප්‍රධාන කොන්දේසිය වූයේ ,‘‘සෝවියට දේශය විවේචනය කිරීමෙන් වැලකිය යුතු ය.“ යන්නයි. එයට පිළිතුරු දුන් ලසසප ප්‍රකාශ කළේ,‘‘ න්‍යායාත්මක ප්‍රතිපත්ති දේහපාලනය සදහා,ලසසප ට ඇති නිදහසට බාධාවන කොන්දේසි අනවශ්‍ය බව‘‘යි. ජනතා විරෝධය පෙල ගැසෙන විට පාලක එජාපයෙන් වෙන්ව නිර්මාණය වූ ශ්‍රීලනිප ය ද සටනට අවතීර්ණය වන බව ප්‍රකාශ කළේ හර්තාල ප්‍රකාශ කිරිම සදහා ජූලි 23 පැවති රැලියට ද බණ්ඩාරනායක සහභාගි විය. එම රැලිය පැවැත්වූයේ පාර්ලිමේන්තුව ඉදිරිපපිට ගාලු මුවදොර පිටියේ ය. එදින පාර්ලිමේන්තු රැස්වීමට පැමිනි බණ්ඩාරනායක, එයින් පිටවන අවස්ථාවේ ජනතාව විසින් බලහත්කාරයෙන් මෙන් හර්තාලය ප්‍රකාශනයට පත් කෙරෙන රැස්වීමට කැදවාගෙන පැමිනි බව වාර්තා වී තිබිණි. ( එම රැලියට 50,000 කට අදික ජනතාවක් සහභාගිවී තිබිණි.) එහෙත් ජනතා පෙළ ගැස්ම ධණපති පන්තියට අවාසිදායක බව දුටු බණ්ඩාරනායක, සැබෑ ධනපති පන්ති නායකයකු ලෙස, හර්තාලයට පෙර දින ප්‍රකාශ කළේ, ශ්‍රීලනිප ය හර්තාලයට සහභාගි නොවන බවයි.

කිරී ම් රැලිය – ඇන්.ඇම්. රැලිය අ තයි.
පේරාදෙණිය සරසවි සිසුන් හර්තාලයට පෙර දින සිට ම, එනම් අගෝස්තු 11 දින සිට ම වීදි බැස්සේ ය. පොලීසිය සිසුන්ට කුරිරු ලෙස පහර දෙන ලදී.සිසු උද්ඝෝෂණයට ජනතා සහාය කෙතරම් ද යත්,ජනතා බලපෑම හමුවේ අත්අඩංගුවට ගත් සිසුන්ගේ ඇපකරුවා ලෙස ඉදිරිපත්වීමට උප කුලපතිවරයාට සිදු විය.
හර්තාල් දිනයේ එනම් අගෝස්තු 12 දින කොළඹ හා ආසන්න නගරවල ක්මකරුවෝ 75,000 ක් පමණ වැඩවර්ජනය කළහ.රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් වතු 28 ක වැඩ සම්පූර්ණයෙන් ඇණහිටින ලදී. බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වල සෑම ප්‍රධන නගරයකම මෙන්ම ගම්බදව දගෙවල කලු කොඩි ඔසවා තිබිණි.සෑම ප්‍රාදේශීය නගරයක ම පාහේ ජනතාව වීදිවල උද්ඝෝෂණය කළ හ. දුරකථන රැහැන් කපා දමා සංනිවේදන මාර්ග අවහිර කරන ලදී.

හර්තාලය දිනයේ කොළඹටඇතුල්වන මාර්ග සියල්ල ජනතාව විසින් අහුරා තිබිණි. ආණ්ඩුව බියෙන් තැති ගත්තේ ය. කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීම පැවැත්වීමට අගනුවර ආරක්ෂිත ස්ථානයක් නොවී ය.එනිසා එය රැස්වූයේ වරායේ නැංගූරම් ලා තිබූ බ්‍රිතාන්‍ය යුද නෞකාවක් තුළ ය.එහි සිට හාල් කිලෝවක මිල ශත 32 දක්වා අඩු කරන බව ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
අවසානයේ 1953 ඔක්තෝබර් 13 දිනඅගමැති ඩඩ්ලි සේනානායක ධුරයෙන් ඉල්ලා අස්විය
හර්තාලය ලංකාවේ නාගරික කම්කරු පන්තිය විසින්, වතුකරයේ කම්කරු පන්තියේ හා ගම්බද ගොවි ජනයාගේ සහායෙන් ධනපති ආණ්ඩුවකට එරෙහිව මෙහෙයවූ අරගලයකි. නමුත් එය මෙහෙයවූ වාමාංශික පක්ෂවලට බලය අත්පත්කර ගැනීමේ අරමුණක් නොවූ බව ලංකා සමසමාජ පක්ෂයේ න්‍යායාචාර්යවරයෙකු ලෙස සලකන හෙක්ටර් අබේවර්ධනගේ පහත සදහන් ප්‍රකාශයෙන් පැහැදිලි වේ.
‘‘ 1953 හර්තාලය අපේ රටේ ජාතික පරිමානයට ලගා වූ පළමු ආණ්ඩු විරෝධී බහුජන ක්‍රියාමාර්ගය බව ඇත්තකි. ………. නමුත් එම ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍යයෙන් ම විරෝධය පෑමකි. හර්තාලයක් යනු මහජන විරෝධයයන් ඒකරාශී කිරීමකි. වැඩබිම්, කාර්යාල, වෙළෙදසැල් උසාවි යනාදිය පූර්ණ වශයෙන් අකර්මන්‍ය කිරීමකි. එය රාජය බලය අල්ලා ගැනීමක් දක්වා වර්ධනය කළ හැකි ආකාරයේ ක්‍රියාමාර්ගයක් නොවේ. …….. 1953 හර්තාලය හරහා සිදු වූ මහජන බලමුලු ගැන්වීම එයින් ම අවසාන වන්නක් නොවේ. එය 1956 මහා මැතිවරණයෙන් ආරම්භ වූ නාටකීය විපර්යාසය සදහා පූර්ව රංගය වූ බව ඔප්පු කළේ ය. එතැන් සිට බහුජන අරගලයන්ගේ අත්දැකීම් පාර්ලිමේන්තු මැතිවරණ හරහා සිය අභිමත ආණ්ඩු පත්කර ගැනීම සමග බද්ධ කර ගැනීමේ හැකියාව ශ්‍රී ලාංකික මහජනයා පෙන්වා තිබේ. “(Hector Abhayavardhana – Selected Writings: The Hartal and Our Critics – August 1977 )
හර්තාලයට සහභාගි වූ, අගනුවර සටන්කාමී කම්කරුවන් මෙහෙය වූ, කම්කරු පන්තික නියමුවකු වූ පෑලිස් සේරසිංහ හර්තාලය පිලිබදව 1987 දී මෙසේ ලිව්වේ ය.
‘‘ අගෝස්තු 13 වෙනිදා සිට ඉදිරියට ගතයුතු පියවරයන් ගැන හර්තාලයේ නියමුවා වූ ලංකා සමසමාජ පක්ෂය තීරණයක් ගෙන ජනතාවට මග පෙන්වීමක් නොකිරීම ගැන එම ව්‍යාපාරයට ඇප කැප වී වැඩ කළ කම්කරු පන්තියේ අපට එදා මෙන් අදත් වේදනාවක් ගෙන දෙන්නේ ය. 1953 හර්තාලයෙන් පසු නැවතත් ව්‍යාපාරයේ පසු බැසීම් ඇතිවිය. එයට හේතුව, හර්තාලයේ දී ඒකරාශි වූ විවිධ පන්ති ගොනුකර ධනේශ්වර ක්‍රමයට එරෙහිව සහ නව යටත් විජිතවාදයට විරුද්ධව ජනතා අරගලය ඉදිරියට ගෙනයාමට ලංකා සමසමාජ පක්ෂය අපොහොසත් වීම ය. එම දුර්වලකිමින් බණ්ඩාරනායක හා පිලිප් ගුණවර්ධන ප්‍රයෝජන ගත්හ.“(1987 ඔහු විසින් ලියා පලකළ ‘‘ආණ්ඩුවේ කම්කරුවන්ගේ හතලිස් වසරක ඉතිහාසයෙන් – 1940-1980 “නම් පොත කම්කරැවකු විසින් ලංකාවේ වෘත්තීය සමිති ඉතිහාසය පිලිබදව ලියන ලද මුල් ම සංක්ෂිප්ත වාර්තාවක් ලෙස සැලකේ. )
හර්තාලය තවදුරටත් ඉදිරියට ගෙනයාම අනතුරක් වශයෙන් දුටු ඇන්.ඇම්. පෙරේරා( ලසසප),පිලිප් ගුණවර්ධන (විලසසප), පීටර් කෙනමන් (ලකොප) යන නායකයන් හර්තාලය නවත්වන ලෙස කම්කරුවන්ට ආයාචනය කළ හ. ඒ ආයාචනය මෙසේ ය.
‘‘1953 අගෝසතු මස 12 වෙනි දා හර්තාලය පවත්වන ලෙස කරන ලද අයදුමට අනුව අනර්ඝ අන්දමින් ක්‍රියා කිරිම ගැන අපි ලංකාවේ බහු ජනතාවට ප්‍රසංසා කරමු. සහල්ඇතුලු සහනාධාර ඉවත් කිරිම ගැන විරෝධය දැක්වීමේ දී ජනතාවගේ ශක්තිය හා සමගිය පල කිරිමට අපට පුලුවන් විය. ආණ්ඩුව බියෙන් තැති ගෙන හදිසි අවස්ථාවක් පැනනැගී ඇති බව ප්‍රකාශයට පැමිණවීමෙන් රට පාලනය කිරිමට ස්වකීය අසමත් බව ප්‍රකාශ කළේ ය. පොලිසියේ හා ආණ්ඩුවේ ප්‍රකෝප කිරිමවලට හසු නොවන ලෙස හැමදෙනාගෙන් ම ඉල්ලා සිටිමු. මුලින් නිවේදනය කළ පැය 24 ක හර්තාලය ( බ්‍රහස්පතින්දා ) උදේ අවසන් විය. එබැවින් නැවත වැඩට ගොස් තමතමන්ගේ කටයුතු කරගෙන යන ලෙස සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටිමු. ‘‘

එහෙත් සේවාවන් යථා තත්ත්වයට ගෙන ඒමට දින ගණනාවක් ගතවනු දැකිය හැකි විය.වැඩවර්ජන ජනතාවට අලුත් දෙයක් නොවුවද,හර්තාලය ජනතාවට අලුත් දෙයක් විය. හර්තාලයේ දි වැඩ නැවැත්වීම වැදගත් ස්ථානයක් ගත්තේ වී නමුත්,එය ප්‍රධාන වශයෙන් වැඩවර්ජන සටනක් නොවී ය. කම්කරු ජනතාවට පිටින් සිටි ජනතාව ද සහභාගිකරවාගෙන කළ සැබෑ බහුජන අරගලයකි. කවදාවත් මෙවන් විරෝධයක් අත් නොදුටු ජනතාව, මෙම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන් වමේ ව්‍යාපාරයේ නායකත්වය කෙරෙහි විශ්වාසයත්, ප්‍රසාදයත් පළ කළ හ. නමුත් එම විශ්වාසය මත පිහිටා කම්කරු පන්තිය පෙළගැස්වීමට වාමාංශික නායක්තවය කටයුතු කළේ නැත. ඒ අතර පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුක්ත වූ විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය ජාතිකවාදය කරා පසුබැස ගොස්, ධනපත් පක්ෂයක් වූබණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව මහජන එක්සත් පෙරමුණ නමින් ධනපති පක්ෂ පෙරමුණක් ගොඩනගා ගත්තේ ය. ලසසප හා කොප 1956 මහා මැතිවරණයේ දී ඔවුන් සමග නිතරග ගිවිසුමකට එළඹ, ධනපති සභාගය බලයට ගෙන ඒමට සහාය දැක්වී ය. එහි අවසාන ප්‍රතිඵලය ලෙස වාමාංශික ව්‍යාපාරයේ පරිහානිය ඇරඹිණි
ජනතාව ආණ්ඩු විරෝධීව නැගී සිටියත්, ජනතාවගේ ශක්තිය කෙතරම් ප්‍රබල වුවත්, එවන් බලවේගයක් ජයග්‍රහනය කරා මෙහෙයවීමට අවශ්‍ය දේශපාලන නායකත්වයක් හර්තාලය තුළ නොතිබූ බව මනාව පිලිබිඹු විය. එදා ක්‍රියාත්මක වෙමින් තිබූ ලසසප, ලකොප හා වෙනත් වාමාංශික සංවිධාන එවන් ජනතා නැගටිමටකට නායකත්වය සැපයීම කෙසේ වෙතත්, එවන් සටනකට මුහුනදීමටවත් සූදානම්ව නොසිටි බව පැහැදිලි ලෙස දැකිය හැකි වූ සත්‍යයකි.ඒ වන විටත් පූර්ණ ධනේශ්වර පාර්ලිමේන්තුවාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක නිරත වූ මාක්ස්වාදීයැයි කියාගත් එම පක්ෂ මෙන් යෝධ විරෝධතාවක් මෙහෙයවීම සදහා අනිවාර්යයෙන් අවශ්‍ය වන සංවිධාන රටාවක් ගොඩනගා නොතිබිණි.
ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් එම දැනුම හා පාඩම වත්මන් මාක්ස් – ලෙනින්වාදීන් ග්‍රහනය කර ගත යුතු ය. එතෙකින් නොනැවතී එම අඩු පාඩු නිවැරදි කර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු ය.
චන්දිමාල් විජේරත්න
ජාත්‍යන්තර සමාජවාදී විකල්පය – ශ්‍රී ලංකාව