ලංකාවේ ජාතික ව්‍යාපාරය
ජාතික ව්‍යාපාර ඇති විමට බලපාන්නනේ ජාතික රාජ්‍යය බිහිවීමයි. ජාතික රාජ්‍ය ලොව පුරා ඇති වන්නේ වැඩවසම් ක්‍රමය බිද වැටීම, ප්‍රොතෙස්තන්ත්‍ර ව්‍යාපාරයේ නැගිම ධනවාදයේ වර්ධනයත් සමග ය. ප්‍රථමයෙන් ම ජාතික රාජ්‍යයන් ලෙස සංවිධානය වන්නේ ප්‍රංශය හා බ්‍රිතාන්‍යය යි. බ්‍රිතාන්‍යය වසින් අයර්ලන්තය හා ස්කොට්ලන්තය එංගලන්තයට යටත් කරගෙන එක්සත් රාජධානිය නම් වූ ජාතික රාජ්‍යය ගොඩනගා ගනී. ඔවුන් එහිදී යොදා ගත්තේ ‘‘එක් ජාතියක් සදහා එක් රාජයයක්‘‘ යන සංකල්පයයි. රාජ්‍යයක් තුළ විවිධ ජනවර්ග සිටියත් ඔවුන් සියලු දෙනා එකම ජාතියක් ලෙස සැලකුවා. එම ජාතිය පිලිබද හැගීමෙන් කටයුතු කිරිම ජාතික ව්‍යාපාරය ලෙස හදුන්වන ලදී. යටත් විජිතවලදී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන තේමාව වූයේ ජාතියට රාජ්‍යයක් ගොඩනගා ගැනීමයි. එනම් යටත් විජිත භාවයෙන් නිදහස ලබා ගැනීමයි.
මාක්ස්වාදය මේ ජාතික වාදය හා ඒමත පදනම් වූ ජාතික ව්‍යාපාරය ගැන සාකච්ඡා කළේ ප්‍රතිශේධනාත්මක (අයහපත්) ආකල්පයෙන්. මක්නිසාදයත් මාක්ස්වාදය නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය මත ගොඩනැගුන එකක් වන හෙයිනි. එනිසා කොමියුනිස්ට් ප්‍රකාශනයේ ආදර්ශ පාඨය ලෙස සකල දේශ වාසී කම්කරුවනි එක්වව් ලෙස සටහන් කළේ ය. ලිබරල්වාදින් පෙන්වන ජාතික ව්‍යාපාර මගින් නිර්ධන පන්තිය භේද කරන බව මාක්ස් පවසයි. අයර්ලන්ත ජාතිකවාදි දෙස එංගලන්ත කම්කරුවන් බලන්නේ සතුරන් ලෙයි. එතනදි එංගලන්ත කම්කරුවන් කල්පනා කළේ එංගලන්ත රදලයන් හා ධනපතීන් සමග අත්වැල් බැදගෙන එංගලන්තය ප්‍රමුඛ බ්‍රිතාන්‍ය ආරක්ෂා කර ගැනීමටයි. මේ අනුව ධනපති පන්තිය විසින් පෙන්වා දෙන ජාතිකවාදී ව්‍යාපාරය කම්කරු පන්තිය භේද භින්න කරන්නක් බව මාක්ස්වාදින්ගේ මතයයි. එහෙත් යටත් විජිත ජාතිකවාදයට මාක්ස්වාදී සහාය පලකරයි. එසේ සහාය පල කරන්නේ ධනේශ්වර ජාතිකවාදයට නොව, එම අරගලය තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදී හරයන්ට බව ලෙනින් අවධාරනය කර තිබේ.
යටත් විජිතවල ජාතිකවාදය ගැන මාක්ස්වාදීන් අතර වැදගත්ම සාකච්ඡාව ඇති වූයේ 1920 ජූනි මාසයේ ශාන්ත පීටර්ස් බර්ග් සහ මොස්කම් නගරවල පැවැත්වූ තුන් වන ජාත්‍යන්තරයේ දෙවන සමුලුවේ දී ය. එම සමුලුවේ දී ලෙනින්ගේ සමහර අදහස් වෙනස් කර ගනු ලැබිනි. එයට හේතුව ඉන්දියානු නියේජිතයා වූ එම්.එන්.රෝයි ඉදිරිපත් කළ විවේචනයි. රෝයි ප්‍රකාශ කළේ ‘‘ යටත් විජිත ධනේශ්වර ජාතික ව්‍යාපාරයේ නායකත්වය ප්‍රතිගාමි කොටස් විසින් අල්ලාගෙන ඇති විටක එම ධනේශ්වර ජාතික ව්‍යාපාරයට කම්කරු පන්ති ව්‍යාපාරයේ සහාය දිගටම ලබාදීම අනුවන ක්‍රියාවක් බවයි. ඔහු තවදුරටත් පැවසුවේ යටත් විජිතවල නිර්ධන පන්තියේ ජයග්‍රහනයන් , යටත්විජිත ධනපති පන්තියේ ජයග්‍රහනයන්ට යට කිරිම වැරදි ක්‍රියාමාර්ගයක් බවයි. ඒ වෙනුවට යටත් විජිතවල කම්කරු පන්තිය කළ යුත්තේ ජාතික ව්‍යාපාරයේ නායකත්වය කම්කරු පන්තිය අතට ගැනීමයි. මෙම අදහස් සමග ලෙනින් එකග විය.
ලංකාව මුලුමනින් ම යටත් විජිතයක් වූයේ 1815 දී ය. ඊට පෙර මුහුදු බඩ බිම් තීරය පමණක් පෘතුගිසි , ලන්දේසි හා ඉංග්‍රිසින්ට යටත්ව තිබුනි. ඉංග්‍රිසීන්ට යටත්වීමෙන් පසු යටත් විජිත භාවයෙන් මිදීමට 1818 හා 1848 කැරලි දෙකක් ඇති වි ය. එම කැරලිවල අරමුන වූයේ යළි රාජාණ්ඩුක්‍රමයක් ඇති කර ගැනිමයි.
1815 දි ලංකාව සම්පූර්නයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වුවත්, එහි වැඩවසම් පාලන ආකෘතිය බිද දැමීමට බ්‍රිතාන්‍ය පාලකයන් මුල් කාලයේ පියවරගත්තේ නැහැ. එය ධනවාදී අර්ථ ක්‍රමයකට හා පාලන ක්‍රමයකට හුරු කිරීම ආරම්භ කරන්නේ 1831 කොල්බෘක්- කැමරන් ප්‍රතිසංස්කරණ විසිනි. බ්‍රිතාන්‍යයේ මෙන් බලතල බෙදුනු ආණ්ඩුක්‍රමයක් , අදධිකරනයේ ස්වාධීනත්වයක් හා නිතියේ ආධිපත්‍යයට අයත් මූලිකාංග හදුන්වා දෙන්නේ මෙම ප්‍රතිසංස්කරන සමගයි. එයට අමතරව රාජකාරි ක්‍රමය අහෝසි කිරිම, වතු වගාව දිරි ගැන්වීම හා ඉංග්‍රිසි අධ්‍යාපනය පුලුල් කිරිම කරන ලදී. ඒ නිසා ලංකාව තුළ ධනපති ක්‍රමය වර්ධනය විමට පටන් ගත්තේ ය.
මේ ප්‍රතිස්සංස්කරන නිසා ඇරඹි කෝපි හා හා තේ වගාව මුලුමනින් ම පාහේ ඉංග්‍රිසින් සතුවිය. පොල් හා රබර් වගාවට ස්වදේශිකයන් සම්බන්ධ විය. වතුවගාව ඇසුරෙන් අතුරු කර්මාන්ත ඇති විය. මත් පැන් පෙරීම, ප්‍රවාහන සේවය, මුද්‍රණ කර්මාන්තය, ලොන්ඩරි සේවය ඒ අතර ප්‍රධාන විය. ඉංග්‍රිසි අධ්‍යාපනය පුලුල් කිරිමත් සමග රාජ්‍ය සේවයේ ඉහල තනතුරුවලට දෙමළ හා සිංහල උගතුන් ඇතුළත් විය. ඉන් වැඩි ප්‍රමාණය ද්‍රවිඩයන් ය.
ලංකාවේ යටත් විජිත ජාතිකවාදි ජාතික ව්‍යාපාරය ආරම්භ වන්නේ ඉහත සදහන් පසුබිම තුළ ය.ඒ මත පදනම් වූ දේශීය ධනපති පන්තිය එහි නායකත්වය ගන්නා ලදී. එහි මුල් කාලයේ පෙරමුණ ගන්නේ ද්‍රවිඩයන් ය. එයට හේතුව ඉංග්‍රිසි උගතුන් හා රාජ්‍ය සේවකයින් අතර ස්වදේශිකයන්ගේ බහුතරය ද්‍රවිඩයන් වීමයි.
ලංකාවේ ජාතික ව්‍යාපාරය ඇරඹෙන්නේ 20 වන සියවසේ ආරම්භයේ ම ය. ආරම්භක වකවානුවේ සිංහල ද්‍රවිඪ භේදයක් නොවී ය. ඒ බව පෙනෙන්නේ 1911 දි උගත් ලාංකික නියෝජිතයා ලෙස දොස්තර මාකස් ප්‍රනාන්දු පරදා සර් පොන්නම්බලම් රාමනාදන් ජය ගැනීමයි. එහිදි සිංහල ප්‍රභුන් අපේක්ෂකයාගේ ජනවර්ගයට වඩා කුලය සැලකිල්ලට ගන්නා ලද බව කියවේ. මාකස් ප්‍රනානදු සිංහල පීඩිත කුලයක ක්‍රිස්තු භක්තිකයෙකි. පොන්නම්බලම් දෙමළ ප්‍රභූ කුලයක හින්දු භක්තිකයෙකි. එනිසා සිංහල බෞද්ධ ප්‍රභූන් , ද්‍රවිඩ ප්‍රභූවරයකු වූත් බෞද්ධාගමට සමාන ආගමක් වූ හින්දු ආගමේ භක්තිකයකු වූත් පොන්නම්බලම්ට ඡන්දය දිමට කැමති විය.
යටත් විජිත පාලනය සමග කේවල් කරන සංවිධිත ජාතික ව්‍යපාරයක් ඇරඹෙන්නේ 1919 දී ය. ඒ ලංකා ජාතික සංගමයයි. එහි පළමු සභාපති වන්නේ ද්‍රවිඩ ජාතික පොන්නම්බලම් අරුනාචලම් ය.
ලංකා ජාතික සංගමය 1942 වන තෙක් නිදහස් ඉල්ලා සිටියේ නැත. ඔවුන් ඉල්ලා සිටියේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ ස්වදේශිකයන්ට අභ්‍යන්තර පාලනයකි.ඔවුන්ගේ ප්‍රකාශවලින් ඒ බව පැහැදිලි වේ.
1922 දී එච්.ජේ.සී. පෙරේරා මෙසේ පවසයි.
‘‘අපි නිදහස නොඉල්ලමු. එය ඉල්ලීමට තරම් මෝඩයන් ද නොවෙමු.අපේ අරමුණ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බ්‍රිතාන්‍යයන් බවට පත්වීමයි. “
සර් ජේම්ස් පීරිස්
ආණ්ඩුවට කරදරයක් වන හෙයින් අප උද්ඝෝෂණ නොකළ යුතු ය. එසේ කිරීමෙන් ඉන්දියාවේ මෙන් කලබල හා නොසන්සුන්තා ඇතිවිය හැකි ය.
ඔවුන් සර්ව ජන ඡන්ද බලයට විරුද්ධ විය.
එයට හේතු–
ඊ.ඩබ්. පෙරේරා
වගකීමෙන් ක්‍රියා නොකරන විශාල ඡන්දදායකයන් පිරිසක් ඇතිවන බැවින් සර්ව ජන ඡන්දබලය නොදිය යුතු ය.
ජේ.ආර්.ජයවර්ධන
ඉන්දියානුවන් හා ලාංකිකයන් බ්‍රිතාන්‍ය පුරවැසියන් සේ සලකන බැවින් ඉන්දියානුන්ට ද පුරවැසි අයිතිය ලැබීම නිසා ඡන්ද බලය හිමි වීමෙන් ඔවුන්ට ද ව්‍යවස්ථාදායකයේ වැඩි ආසන ගණනක් හිමිවන නිසා සර්ව ජන ඡන්ද බලය නොදිය යුතු ය.
ජී.ජී.පොන්නම්බලම්
හින්දු ආගමය අනුව සියලු මිනිසුන් සමාන නොවේ. එනිසා සර්ව ජන ඡන්ද බලය දීම හින්දු ආගමට ද විරුද්ධය. එනිසා එය අනවශ්‍යය.
ජාතික ව්‍යාපාරය බලය බෙදීම ගැන
ලංකාවේ ජාතික ව්‍යාපාරය තුළ ඒකීය පාලන ක්‍රමයක් වෙනුවෙන් 1950 පමණ වන තෙක් පෙනි සිටියේ දුවිඩ නායකයන් ය. එහෙත් පහත රට සිංහලයන්ගේ දේශපාලන නායකයකු ලෙස සැලකුනු එස්.ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක සන්ධීය ආණ්ඩුක්‍රමයක් පිලිබද එනම් බලය බෙදුනු ආණ්ඩුක්‍රමක් පිලිබද අදහස් දැක්වූවේ 1926 දී. ඔහු ඒ ගැන 1926.07.17දින The Morning Leader පුවත්පතට ලිපියක් ලියමින් දිවයින ප්‍රාන්ත තුනකට බෙදිය යුතු බව පැවසීය. නමුත් ද්‍රවිඩ නායකයන් එයට විරුද්ධ විය. එම පුවත්පතටම 1927.0101 දින ලිපියක් ලියමින ජේම්ස් ටී.රත්නම් නම් වූ ද්‍රවිඩ නායකයා පැවසූවේ ශ්‍රී ලංකාව ප්‍රාන්තවලට හෝ කැන්ටන්වලට නොබෙදිය යුතු බවයි.
බණ්ඩාරනායක ඩොනමෝර් කොමිසම හමුවේද බලය බෙදීම ගැන ප්‍රකාශ කළේ ය. එසේම 1940 පත් කළ පලාත් පරිපාලනය පිලිබද විධායක කමිටුවේ දී ද 1947 පලාත් පාලන ඇමති වීමෙන් පසු ද බලය බෙදිය යුතු බව ප්‍රකෘශ කළේ ය. එයට අමතරව උඩරට සිංහලයන් ද ඩොනමෝර් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් බලය බෙදුනු ආණ්ඩුක්‍රමයක අවශ්‍යතාව පෙන්වා දුන්නේ ය.
ද්‍රවිඩයන් ඉල්ලා සිටියේ බලය බෙදුනු ආණ්ඩු ක්‍රමයක් නොවේ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ බල පංගුකාරිතවයට අදාලවූ තුලිත නියෝජන ක්‍රමයකි.ඒ අනුව 1921 දී සිංහල මන්ත්‍රිවරුන් 3 කට සුලු ජාතික මන්ත්‍රිවරුන් 2ක් ඉල්ලා සිටි ඔවුහු 1926 න් පසු සිංහල මන්ත්‍රිවරැන් 50 කට සුලු ජාතික මන්ත්‍රිවරැන් 50 ක් ඉල්ලා සිටින ලදී. මෙම ඉල්ලිම්වලට හේතුවූයේ 1920 ප්‍රතිසංස්කරනයෙන් පසු ජාතික සංගමයේ සිංහල නායකයන් ආණ්ඩුකරු සමග එක්ව දුවිඩයන්ට ව්‍යවස්ථාදායකයේ බස්නාහිර නියෝජනය අහිමි කිරිමට කටයුතු කිරිම සහ 1936 දි කුමන්ත්‍රනකාරී ලෙස සර්ව සිංහල ඇමති මණ්ඩලයක් සැකසීමයි.
කම්කරු පන්තයේ ජාතිකවාදී වැඩපිලිවෙල.
1920 දශකයේ කම්කරු පන්තියේ නායකයා වූයේ ඒ.ඊ.ගුණසිංහ ය. ඔහු බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමග සබදතා පැවැත්වූවෙකි. ඔහු 1922 දී නිදහස් ඉල්ලීමේ උද්ඝෝෂනය ඇරඹීය. ඒනිසාම ලංකා ජාතික සංගමය ඔහු එයින් කොන්කර තැබීය. නමුත් ඔහු මාක්ස්වාදය තරයේ ප්‍රතික්ෂේප කළ අයෙකි. 1930 මුල් භාගය වන විට ඔහුට කම්කරු පන්තිය අතර වූ පිලිගැනීම අහෝසි වෙමින් තිබිනි. එයට හේතුව ලසසප ඇරඹීමයි.
ලසසප නිදහස් සටන අතට ගනී.
1935 ලසසප ඇරඹීමටත් පෙර සිටම ලසසප නායකයන් නිදහස් සටනට මුල පුරා තිබිනි. 1935 ලසසප පිහිටු වීමේ දී මූලික අරමුනු තුනෙන් එකක් වූයේ ජාතික නිදහස දිනා ගැනීමයි. ඒ වටා කම්කරුවන් හා ගම්බද ගොවීන් ඒක රාශි විය.
ජාතික සංගමය පිම්මක් පනී.
ලසසප ගෙන ගිය නිදහස් අරගලය වටා ජනතාව ඒකරාශිවන බව දුටු ජාතික සංගමයේ තරැණ නායකයන් වූ ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධණ,බණ්ඩාරනායක විසින් 1942 දි නිදහස ඉල්ලා සටන් කළ යුතු බවට වූ යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එයට ඩී.එස්.සේනානයක විරුද්ධවිය. ඔහු ප්‍රකාශ කළේ නිදහස ලබාගතහොත් අපට සිටන හොදම මිතුරා වන බ්‍රිතාන්‍ය අපට අහිමි වන බවයි. එනිසා යෝජනාව සම්මත වුහොත් විධායක සභාවෙන් අසවන බවට තර්ජනය කළේ ය. ඒ තර්ජන හමුවේ යෝජනාව සම්මත වූ අතර ඩී.එස්. විධායක සබාවෙන් ඉල්ලා අස් විය. එහෙත් ඔහුගේ ඉල්ලා අස්විම පිලිගත්තේ නැත.
නිදහස දිනා ගැනීම
ලසසප දේශපාලන බලවේගයක් ලෙස ජනප්‍රිය වීමත්, ජාතික සංගමය බ්‍රිතාන්‍ය සුවච කීකරු පිරිසකගෙන් සමන්විත විමත්, ඉන්දියාව නිදහස දිනා ගැනීමත් නිසා බ්‍රිතාන්‍යයන් විසින් තමන්ගේ හිතවතුන් අතට බලය හුවමාරු කිරිමට වු කැමැත්ත මත 1948 දි ලංකාවට නිදහස ප්‍රදානය කෙරිනි. එය පූර්න නිදහසක් නොවේ. ඩොමිනියන් තත්වය යනුවෙන් හැදින්වූ අර්ධ නිදහසකි.